විවාහ වූ දිනයේම මධු සමය වෙනුවට මනමාලයාට පොලිස් කූඩුවේ ගත කිරීමට සිදුවූ පුවතක් ගිරිබාව පැත්තෙන් අහන්නට ලැබෙනවා..
මේ කියන්න යන්නේ අන්න ඒ කතාව ගැනයි..
ගිරිබාව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු ඒ ආසන්නයේ ගමක පදිංචි තරුණියක සමග දිගු කලක සිට ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය අතර, ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධතාවට දෙපාර්ශවයේම ආශිර්වාදය ලැබී විවාහ උත්සවය ඉතා ඉහළින් සිදුකරන්නට වුණා...
විවාහ උත්සවය සිදුවු දිනයේ සිය මනාලිය තමන්ගේ නිවසට කැන්දාගෙන ගොස් විවාහ උත්සවය ඡායාරූප ගත කළ අයට මුදල් ගෙවීම සදහා මනමාලයා තම මෝටර් රථයෙන් රාජාංගණය 5 කණුව ප්‍රදේශයට ගොස් තිබුණා..
අදාළ මුදල් ගෙවා නැවතත් නිවසට පැමිණෙමින් සිටියදී මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිමි දරුවකු මෙම මෝටර් රථයේ ගැටී ඇති අතර තුවාල ලැබූ දරුවා රෝහල් ගත කෙරුණා...
දරුවා රෝහල් ගත කරද්දී අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය කළ මනමාලයා ගිරිබාව පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කරන තුරු ඔහුට පොලිස් කූඩුවේ සිටීමට සිදුවුණා..
තම ස්වාමියා නිවසට එනතුරු මග බලා සිටි මනමාලියට සිදුවූයේ ඔහු බැලීමට පොලිසියට යෑමටයි...
වසර ගණනක් පුරාවට පෙරුම් පුරමින් මධුසමය ගතකිරීමට ඇඟිලි ගනිමින් සිටි තරුණයාටත් තරුණියටත් සිදුවූයේ මංගල දිනයේම දෙතැනකට වී කල් ගෙවීමටයි...
ආරක්ෂාකාරි ලෙස රිය ධාවනය කළේ නම් අනතුර වළක්වා ගනිමින් තමන්ගේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට තිබූ බව මෙය කන වැටුන බොහෝ පිරිසක් පවසනවා...

0 Comments