සාරාංශය
- ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල වූ ඇමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන න්‍යෂ්ටික වැඩසටහන විනාශ වී නොමැති බව බුද්ධි අංශ වාර්තාවකින් හෙළි වෙයි.
- නමුත් ධවල මන්දිරය එය ප්‍රතික්ෂේප කරයි.
- පෙන්ටගනයේ ආරක්ෂක බුද්ධි ඒජන්සියේ මූලික හානි තක්සේරුව පිළිබඳ තොරතුරු බීබීසීයේ ඇමෙරිකානු හවුල්කරු සීබීඑස් සහ අනෙකුත් මාධ්‍ය වෙත හෙළි වීමෙන් පසු මේ බව අනාවරණය විය.
- නමුත් ධවල මන්දිරය පවසන්නේ, මෙම තක්සේරුව "සම්පූර්ණයෙන් ම වැරදි" බවත් එය ජනාධිපති ට්‍රම්ප් පහත් කොට සැලකීමේ "පැහැදිලි උත්සහයක්" බවත්ය.
- ට්‍රම්ප්ගේ දැඩි වාග් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය හා ඉරානය අතර සටන් විරාමයක් පවතින බව පෙනී යයි.
සජීවී වාර්තාකරණය
ඉරානයේ පාලන තන්ත්‍ර වෙනසක් අවශ්‍ය නැති බව ට්‍රම්ප් පවසයි
ඉරානයේ පාලන තන්ත්‍ර වෙනසක් දැකීමට තමාට අවශ්‍ය නැති බව ට්‍රම්ප් පවසනවා.
"හැකි ඉක්මනින් සියල්ල සමනය වෙනවා දකින්න මම කැමතියි. පාලන තන්ත්‍ර වෙනස අවුල්සහගත තත්ත්වයක් ඇති කරනවා, ඒ වගේ ම අපිට ඒ වගේ අවුල්සහගත තත්ත්වයක් දකින්න අවශ්‍ය නැහැ," ඔහු තවදුරටත් පැවසුවා.
ඉරාන ගැටුමට උදව් කිරීමට ව්ලැදිමීර් පුටින් කතා කළ බව ට්‍රම්ප් පවසන නමුත්, ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කර රුසියානු ජනාධිපතිවරයාට මෙසේ පැවසූ බව ඔහු සඳහන් කරනවා: "නෑ මට ඉරානය සම්බන්ධ ප්‍රශ්නයට උදව් ඕනේ නැහැ. මට උදව් ඕනේ ඔයා සම්බන්ධ ප්‍රශ්නෙට."
0 Comments